ක්‍රමලේඛ කේතය සමගින් සංවාදයක් විවෘත කරමින්

LibreOffice යේ ඔබ තනන සංවාදයක් සඳහා මූලික කවුලුව, කවුලුව යෙදී ඇති මොඩියුලයේ නාම ටැබය මත ක්ලික් කිරීමෙන් සංවාද සංස්කරණය හැර යන්න. නාම ටැබය කවුලුවේ පහලින් ඇත.

Dialog1Show නම් උප ක්‍රම චර්යාවක් සඳහා පහත කේතය ඇතුල් කරන්න. මෙම උදාහරණයේදී, ඔබ තැනූ සංවාදයේ නම "සංවාදය1" වෙයි:


Sub Dialog1Show
    BasicLibraries.LoadLibrary("Tools")
    oDialog1 = LoadDialog("Standard", "Dialog1")
    oDialog1.Execute()
End Sub

"LoadDialog" භාවිතා කිරීමෙන් තොරව ඔබට පහත පරිදි කේතය ඇමතිය හැක:


Sub Dialog1Show
    DialogLibraries.LoadLibrary("Standard")
    oDialog1 = CreateUnoDialog( DialogLibraries.Standard.Dialog1 )
    oDialog1.Execute()
End Sub

ඔබ මෙම කේතය ක්‍රියාත්මක කල විට, "සංවාදය1" විවෘත වෙයි. සංවාදය වැසීමට එහි මාතෘකා තීරුවේ වසන්න (x) බොත්තම ක්ලික් කරන්න.